Sunday 27 March 2016

දයලේක්කිත නැති මාර්ක්ස්වාදයකට ආරම්බයක්


දයලේක්කිත බහුතික වාදය(dialectical materialism or materialist dialectics) වසර 130 කට වැඩි කාලයක් පුරාවට ලෝකයේ වාමාංශික වියාපාරය ඔවුන්ගේ දර්ශනය ලෙස බවිත කර තිබෙනවා නමුත් එම කාලය තුල දයලේක්කිත මාර්ක්ස්වාදය සාර්ථක දර්ශනයක් නොවන බව අපි විසින් අත්විදිනවා සහ එය අසාර්ථක බව අප විසින් අත්විද තිබෙනවා. එසේම අප මේ අවුරුදු 130 කට වැඩි කාලයක් පුරාවට දයලේක්කිත නොවන(non-dialectical version) දර්ශනයක් ප්‍රයෝගිකව පරික්ෂාකර නැහැ. ඒ වගේම දයලේක්කිත බහුතික වාදීන් පවසන්නේ සත්‍ය ප්‍රයෝගිකව(truth tested in practics) පරික්ෂ කල ඇති බවය. කෙසේ වෙතත් බොහෝ දයලේක්කිත මාර්ක්ස් වාදීන් පවසන්නේ සහ ඔවුන් පිළිගන්නේ දයලේකිත මාර්ක්ස් වදය වැරදි විය නොහැකි බවය. මක්නිසාද ඔවුන් විස්වාස කරන්නේ නියාය ප්‍රයෝගිකව පරික්ෂා කර නිගමනවලට පැමිණ ඇති බවය. නමුත් දයලේක්කිත මර්ක්ස්වාදය යනු හේගලියානු උරුමයෙන් එන දරුණු ලෙස වැරදි නිගමනවලට පැමිණ ඇති නියායකි. අනෙක් කරනයනම් දයලේක්කිත මාර්කස් වාදීන් පවසන්නේ මුළු විශ්වයේම ඇති දේවල් එකිනෙක සම්බන්දයක්(interconnected) ඇති බවය.නමුත් දීර්ග කාලයක් තිස්සේ අසාර්ථක වෙමින් තිබෙන වියාපාරය සහ දයලේක්කිත මාර්ක්ස්වාදයේ මුලික නියායන් අතර අන්තර් සම්බන්දිත(inter-linked) නොවන බව කියා සිටි. මෙය කිසිසේත් විස්වාස කිරීමට නොහැකිය. කෙසේ වෙතත් දයලේක්කිත මාර්ක්ස් වාදීන් කවදාවත් ඔවුන්ගේ වැරදි අද්දැකීම් වලින් ඉගෙනගන්න බවක් පෙනෙන්නේ නැත.අනික් දෙය නම් බොහෝ දයලේකිත මාර්ක්ස්වාදීන් පවසන්නේ මේ දීර්ග කාලයක් තිස්සේ අසාර්ථක වෙමින් තිබෙන වියපරයට ඔවුන් චෝදනා කරන්නේ දේශපාලන පක්ෂ මත සහ යම් යම් පුත්ගලයන් මතය. නමුත් මේ දයලේක්කිත මාර්ක්ස්වාදීන්ට කවදාවත් නියාය සහ දේශපාලන වියාපාරය අතර අන්තර් සම්බන්දය නිවැරදිව වැටහ ගැනීමට නොහැකිය. ඒ නිසා අවුරුදු 130 කාලයක් ගෙවී ගියත් තවමත් දයලේක්කිත බහුතික වාදීන් තවමත් දයලේක්කිතය නිවැරදි යයි පිළිගනී. 

මෙම ලිපි පෙලින් මම බලාපොරොත්තුවෙන්නේ දයලේක්කිත මාර්ක්ස්වදයට ඇති මේ චෝදනා එකින් එක ඉදිරිපත් කිරීමටයි. මේ ලිපියෙන් මා බලාපොරොත්තුවෙන්නේ එයට ආරම්බයක් ගැනීමටයි. මේ ලිපි පලකිරීමේදී ම හට බොහෝ දර්ශනිකයන්ගේ qoutation උපුටා ගැනීමට සිදුවෙනවා. ඒවා මා බලාපොරොත්තු වෙන්නේ ඉංග්‍රීසි මාද්‍යයෙන් පළකිරීමටයි. මක්නිසාද ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කිරීමේදී සමහර වචන වල තේරුම සහ එම අදහස නිවැරදිව සොයා ගැනීමට මා හට අවශ්‍ය සම්පත් නොමැති බැවින් සහ මගේ සිංහල දැනුම ප්‍රමාණවත් නොවන බවද කිව යුතුය. අනෙක් කරනයනම් මා මාර්කස්වාදය අද්‍යනය කරන්නේ ඉංග්‍රීසි මාද්‍යයෙන් බැවිනි. 

දයලේක්කිත මාර්ක්ස් වදයට එරෙහි ප්‍රවාදයක්(thesis) ලිවීමේදී. මේ කරණය සම්පුර්ණ කරගැනීමට මාහට අඩුම තරමේ මිලියන 4 කට වැඩි වචන ප්‍රමාණයක් ලිවීමට සිදුවේවි. ඒ සදහා ගතවන කාලය මා බලාපොරොත්තුවෙන්නේ අඩුම තරමේ අවුරුදු 10-15 කාලයක් ගතවේවි. මාර්ක්ස් වාදය ගැන මෙතෙක් ලෝකයේ ලියඋන වචන ප්‍රමානය ගැන කිව්වොත් මිලියන 100 කට වැඩි. නමුත් මේ දයලේක්කිත බහුතික විද්‍යාව වාමාංශික වියපරයට කර ඇති හානිය අප්‍රමානය.

වැදගත් කරනයනම් කුමන හෝ කෙනෙක් මාර්ක්ස් වාදය අද්‍යනය කර නොමැතිනම්. කරුණාකර මේ ලිපි කියවීමෙන් වලකින්න. මේ ලිපි පුත්ගලයන්ට නොවේ. එවැනි කෙනෙක් පළමුව කල යුත්තේ මර්ක්ස්වාදය අද්‍යනය කිරීමයි(අඩුම තරමේ මුලික මාර්ක්ස්වාදී නියමයන්)