Wednesday 25 May 2016

ගුරුගිතයට වඩා ලොකුයි ලාංකීය පසුගමිත්වය..



කාලෙකට පස්සේ ලාංකීය සිනමාවත් එක්ක සෙට් වෙන්න සිද්ද උනා. තේරෙන්න පටන් ගන්න කලේ ඉදන් වෙස්ට් එකේ ෆිල්ම් බලලා ලාංකීය සිනමාවේ ෆිල්ම් එකක් බැලුවහම. කරකවලා අත අරිය වගේ,ලාංකීය සිනමාවේ අවසානය වෙනකම් බලපු ෆිල්ම් ගත්තොත් අතේ ඇගිලි ගානට ගනම් කරන්න පුළුවන්.

 මොකක්දේ හේතුවක් හින්ද ගුරු ගීතය ෆිල්ම් එක සෙට් වෙන්නේ නැතුව යනවා. පොඩි කලේ ඉදන් මට ලාංකීය සිනමාව එච්චර සෙට් උනේ නැහැ.ඒකට හේතුව අපේ ෆිල්ම් වල දුර්වල පිටපත්, අධ්‍යක්‍ෂණ සහ තාක්‍ෂණික කාරණා. පසුතල සංගීතය වගේ විනෝදාස්වාදයට අවශ්‍ය විචිත්‍රවත් බව, වර්ණවත් බව වගේම ආස්වාදනීය බව වගේ කාරණා අතින් ගත්තහම සිංහල සිනමාව ඒ වගේ දේවල් වලට හැමදාම ෆේල්. එක එහෙම වෙන්න හේතුවක් තියෙනවා. එක අපිට නොපෙනෙන මානයක තියෙන්නේ, කලාවට දනවාදය සෙට් උනාම එකට ඉන්පුට් කරන කැපිටල් එකත් එක්ක තමයි අවුට් පුට් එක තීරණය වෙන්න්. කොහොම උනත් උපාලි ගම්ලත්ගේ ගුරු ගීතය ගත්තහම මට එක ඔවෙර් රෝල් ෆේල් .එක එහෙම වෙන්න තාක්ෂණික කරනා වලට වැඩ එහායින් දෙයක් තියෙනවා.මම චිත්‍රපට විචාරකයෙක් නෙවි. කොහොමත් මට එක දිරවන්නැති වැඩක්. එත්, උපාලි ගම්ලත්ගේ ගුරුගිතය ෆිල්ම් එකත් එක්ක මට එක ගැන ලියන්න පෙලබවෙනවා මොකක්දෝ කාරණයක් හින්දා. නමුත් චින්ගීස් ගේ පොත කියවලා උපාලිගේ ෆිල්ම් එක බැලුවහම, මට දැනෙන්නේ උපාලි කොච්චර උත්සහ කරත් රුසියාවට, නේපාලයට ඉන්දියට්ව ගිහිල්ලා ෆිල්ම් එක රෙකෝර්ඩ් කරත්, ලාංකීය දනවදයත් එක්ක එකට ඇලිලා තියෙන ලාංකීය පසුගමිත්වය. ෆිල්ම් එක පුරාවට අඩුවක් නැතුව දිවෙනවා.


කොන දිසා ෆිල්ම් එක බලලා බුකියේ දාපු පොස්ට් එකක් දැක්කා..

"(ගුරු ගීතය) එම විශිෂ්ට සිනමාපටයේ තාක්ෂණික කරුණු වලටවඩා මගේ සිත ඇදීගියේ ඉන් මතුකරන දේශපාලනය පිලිඹදවයි.පොතක තිබුනඅජීවී කථාවකට ජිවය ලබාදෙමින් එය සිනමාපටයක් වශයෙන්ලාංකීය ජනසමාජයට සමීප කරමින් සමාජ ප්‍රගතිය උදෙසා ගම්ලත් ඇතුළු පිරිස සිදුකළ මෙහෙවර නොමද පැසසුමට ලක්විය යුතුය"
-දිසා-

දිසගේ ඒ මුළු පොස්ට් එක කියෙව්වහම මට තේරෙන්නේ, අපේ සිතීමේ කලාවේ ලොකු අවුලක් තියෙනවා. මේ අවුල  හැම තැනම තියෙනවා, සමහරක් අය මේ අවුල පෙනුනත් එක නොදක්කවගේ ඉන්නවා. අපි කොයිතරම් ලොකු පොත්පත් කියෙව්වත්, අපි ලොකුවට ආර්ට් ගැන, දේශපාලනය ගැන, දර්ශනය ගැන ලොරි ටෝක් දුන්නත් අපේ කන්ඩිෂන් වීම තම තියෙන්නේ එකම තැන. මේකට හොදම උදාහරණය. මේ ආර්ටිකල් එක කියවගෙන යනකොට පාඨකයාට  හිත්හේ මම දිසට එරෙහිව යුද්ධයක් ප්‍රකශ කලා වගේ දෙයක්නේ. එක එහෙම වෙන්නේ අපි වාදයක් කියල තේරුම් ගන්නේ අනිකාව තේරුම් ගන්න, අනිකාගේ අදහස් අතර අන්තර් සම්බන්දයක් හදාගන්න, ඒ අදහස් අතර සන්සර්ගයක් හදාගන්න වගේ දෙයක් නෙවි. ගොඩක් අයට මේක තේරෙන්නේ ලව් වෙනුවට යුද්ධය ඉල්ලනවා වගේ වැඩක්. එකනේ අපිට හැම වාදයකදීම සෙක්ස් මිස් වෙන්නේ. එකනේ අපි තම දයලේක්කිත්යේ හෙගෙල්ටත් එහනින් ඉන්නේ.

ගොඩක් වෙලාවට පොතක් කියවලා අපි අයිඩියලිස්ට් කරපු ස්ටෝරි එකයි , ඒ පොතෙන් හදපු ෆිල්ම් එකේ ස්ටෝරි එකයි එකිනෙකට සෙට් වෙන්නේ නැති උනාම එක එක අවසාන තීරණයකට එනවා. නමුත් දිසා කියනවා "මුල් නිර්මාණයට උපරිමඅයුරින් සාධාරණය ඉටුකිරීම අති විශිෂ්ඨය". මට නැගෙන තව ප්‍රශ්නයක් ඒ වගේ ජජ්මන්ට් එකකට මිනිස්සුන්ට එන්න හේතුවෙන්නේ මොනවගේ දේවල්ද..? දිසා කියනදේ මහා ලොකු උප්සෙට් එකක් පෙන්නේ නැහැ. එක එක්තරා විදියක දියාරු සමාජ-සංකෘතික-දේශපාලන ප්‍රතිචාරයක්. ෆිල්ම් එක කැලි වලට කඩලා වෙනස් විෂයන්, වෙනස් කොන්සේප්ට්, වෙනස් දේශපාලනයනයකට සංවාදයන්ට පෙළබ වීමක් දිසගේ කතාව ඇතුලේ නැහැ. දිසගේ කතාව හරියට බුකියේ පොස්ට් එකකට ලයික් එකක් දල යනවා වගේ වැඩක්.


ලෝකේ හැමදේකටම ඒ දේ හැදෙන විවුහයක් තියෙනවා. විද්‍යාව,ඉතිහාසය ,සමාජය ඔය මොන දේ ගත්තත් විවුහයක් තියෙනවනේ, සිනමා කලාවේත් විවුහයක් තියෙනවා. ඒ විවුහය ගොඩක් දේවල් වලින් තේරුම් ගන්න පුළුවන්, දර්ශනයෙන්, දේශපාලනයෙන් ඒ වගේ දේවල් වලින්. දැන් චින්ගීස් ගේ ගුරුගිතය ගත්තහම ඒ පොතෙ කොන්සේප්ට් එකෙන් හදන ෆිල්ම් එකයි. ඒ පොත පිට පතක් කරගෙන හදන ෆිල්ම් එකෙයි ලොකු වෙනසක් තියෙනවා.
මට ගුරු ගීතය ෆිල්ම් එක බැලුවහම තේරෙන්නේ. කන්සෙප්ට් එක කෙසේ වෙතත්, චින්ගීස් ගේ "first teacher" සිංහලයට පරිවර්තනය වෙච්ච පොත පිටුවක් නැර කොපි රයිට් කිරීමක්. මට හිතෙන්නේ එක පොතට සදාරණයක් ඉටු කිරීමක් වගේ දෙයක් නෙවි.

 චිංගීස් අයිත්මාතව්ගේ දුයිෂෙන් නවකතාව දැදිගම වී රුද්‍රිගු විසින් “ගුරු ගීතය” ලෙස රිච්නස් එක අඩුවක් නැතුව සිංහලයට පරිවර්තනය කරලා තියෙනවා. මේ පොත බොහෝ කාලයක් තිස්සේ ගුරුවරුන් සහ ගෝළයන් විසින් එකසේ කියවන පොතක්. ඒ වගේම වාමාංශික දේශපාලනයේත් මේ පොත ඉතින් ලොකු වැඩක්,

රුසියන් විප්ලවයේ ආරම්භක කාලයේදී යුද හමුදාවේ යන්තම් අකුරු ලියන්නට හා කියවන්නට හැකිවූවන් පවා යොදා ගනිමින් අධ්‍යාපන විප්ලවයක් කළ අයුරු වගේ තැනක තමයි පොත කන්ඩිෂන් වෙන්නේ. සාර් විසින් කිසි ගේමක් නැතුව සූරා කෑ රුසියාව වගේ විශාල රටකට අධ්‍යාපනය ලබාදෙන එක සෝවියට් ආණ්ඩුවට කොතරම් අපහසු වුණාද යන්න මේ පොතෙන් මැනවින් පැහැදිලි වෙනවා.

මේ පොත සෝවියට් සමුහආණ්ඩුව විසින් හුදෙක් ප්‍රචාරත්මක කෘතියක් ලෙස එලියට ආවත් ඒක අපේ රටේ බොහෝ දෙනාගෙ ආත්මය බවට පත්වී තිබෙන්නේ අපේ රටේ දුයිෂෙන් වැනි මිනිස්සු හොයන නිසා වෙන්න ඇති. එක නිසා තමයි වමන්ශිකයන් උනත්  කිසි ජජ්මන්ට් එකක් නැතුව දුයිෂෙන් ලාංකීය පොලවට, ලාංකීය සමාජයට, දේශපාලනයට  ගලප්පන්න ට්‍රය් කරන්නේ. ඒත් අල්තිනායි ගැන පොතේ අවසානය තෙක්ම කතාවෙන දේ කියන්නේ මට දැනෙන්නේ එක සීරියස් කන්ඩිෂන් එකක්. ආශාව,ප්‍රේමය, තාරුණ්‍යය නොදියුණු සමාජයත් එක්ක ගැටීමක්  මුණගැසෙන තැන අභියෝග කරන කතාවක්. ඒක ආත්මීය ගමනක්. අල්තිනායිගෙ සිතේ දුයිෂෙන් ගැනත්, දුයිෂෙන්ගේ සිතේ අල්තිනායි ගැනත් ගුරු ගෝල සබඳතාවට එහා ගියපු ප්‍රේමයක සේයාවක් සමහර තැන්වලදී පෙනුණත් ඒක මතුවෙන්න නොදී යටපත් කිරීමට අයිත්මතෙව් සමත්වෙලා තියෙනවා.
 

 ගුරුගිතයෙන් උපාලි කරන්න උත්සහ කරන්නේ සමාජ දේශපාලන වැඩක් නමුත් දිසට අනුව එක මානවවාදී. කොහොම උනත්, උපාලි උත්සහ කරන්නේ ලංකාවෙන් එලියට ගිහිල්ල ෆිල්ම් එක කරන්න. එක හේතුවෙන්නේ, අපි පොත කියවලා හදාගන්න ෆැන්ටසිය යථාර්ථයක් විදියට එලියට ගන්න.  උපාලි ඉන්ටවිව් එකකදී කියපු කතාවක් මතක් උනා "සීතල දරා ගන්න බැරුව ප්‍රධාන නිළිය සිහි නැති වුණා. බොහෝ දෙනෙක්ගේ නියපොතු ගැලවුණා." මෙච්චර දේවල් සිද්ද වෙලත්, උපාලි උත්සහ කරන්නේ උපාලිගේ සිහිනය යථාර්තයක් විදියට රූපරාමු තුලින් එලියට ගන්න නමුත්
  ඒ උපාලිගේ සිහිනය ෆිල්ම් එකේදී කඩාගෙන වැටෙනවා. අපි කොච්චර උත්තාහ කරත් ලංකාවෙන් ගැලවිලා දෙයක් කරන. ඒ හැම පොඉන්ට් එකකදීම අපේ දේකුත් එතනට එකතු වෙනවා. අපි දකින්නෙ අපිට පේන දේ. ඒක හැමෝටම පේන දේ නෙමෙයි. ඒ අර දනවදයත් එක්ක ඇලිලා තියෙන පසුගමිත්වය මතුවෙන්න ගන්නවා. එතකොට උපාලිගේ මුළු අබ්යාසයම ෆේල්. උපාලි රුප රාමු ඇතුලෙන් ඒ නොදියුණු රුසියන් සමුහාණ්ඩුව වගේම සොබධර්මය පෙන්නන්න උත්සහා කරත්, ගුරුගීතය පොතේ තියෙන ලව් එක කොන්සේප්ට් එකක් විදියට ගලප්පගන්න උපාලිට බැරිවෙනවා.

උපාලි කතාකරන්න උත්සහ කරන ලව් එක ලාංකීය සමාජයේ ලව් එකත් එක්ක සමපාත වෙන්න ගන්නවා. එක එහෙම වෙන්නේ උපාලිගේ ෆැන්ටසිය සහ යථාර්තය එනිනෙකට සෙට් වෙන නිසා. එතකොට ලාංකීය සමාජයත් එක්ක එකට තියෙන පසුගමිත්වය ඉස්සරහට එනවා. ලාංකීය පිරිමියා සහ ගැහැණිය අතර තිබෙන අන්බැලන්ස් එක නිසා අර බොලද බෝරින් ලව් එක ෆිල්ම් එක පුර දිවෙන්න ගන්නවා. එතකොට යථාර්තය බොළදයි, එක බෝරින් ලව්, කිසි කිසිදෙයක් නැති හිස්තැනක් ඇතුලේ ලංකාවේ අල්තිනයිගේ ඇඩිල්ලක් මතුවෙන්න ගන්නවා. එක මට සුජීව ප්‍රසන්න ආරච්චිගේ පොතක් කියවනවා ගේ දැනෙන්න ගන්නවා.

 අවුරුදු 6 කට පෙර කියවපු කවියක් මතක් උනා මට මතක නැහැ කවුද ලිව්වේ කියලා

කැට් වෝක් එකකින් ඇය එනවිට
මා සිතුවේ මෙලොව ඉන්නා
 රැඩිකල් ම ගැහැණිය ඇයයි
නමුත් ලගට ආ විට නොවැ දැනුනේ,
මේ ඉන්නේ තවමත් සම්ප්‍රදායික පිරිමියා බව

මට ෆිල්ම් එකක බැක් ග්‍රවුන්ඩ් මියුසික් කියන්නේ හරිම සීරියස්. ඒ කියන්නේ ඒ මුසික් වලින් මගේ අගේ මයිල් කෙලින්වෙන ගාණට මට සෙට් වෙන්න ඕන. හමොනි, රිදම්, බියුටි වගේ ඒවා හරිම සීරියස් වෙන්න ඕන. නමුත් උපාලිගේ ෆිල්ම් එකේ, පසු වාදන සංගීතයට වගේ පාවිච්චි කරන්නේ අල්තිනයිගේ බොරින් අදෝනාව. ඒ වගේ තැන්වල උපාලිගේ කන්ඩිෂන් වීම තියෙන්නේ හරිම ලාබාල තැනක. උදාහරණයක් විදියට අන්බැලන්ස් මුසික් අස්සේ, කන පැලෙන ගානට පියනෝ පාරක් යනවා. ඒ වගේ දේවල් මට දිරවන්නේ නැතුව ගිය.

මේ වගේ තේරුමක් නැති කලාප වල බොළඳ හරඹ කරමින් යන එක ඇතුලෙ ටික වෙලාවකින් මට දැණුනෙ ලොකු අවුලක්. ඒ විප්ලවීය පියවරක් තියන්න ඕන දේට බොලද පාරෙන් වැඩේ ගොඩ දන්නා හදන උත්සහයක්. කොහොම උනත්, ෆිල්ම් එක ඉවර වෙන්න ඕන තැන පසුකරගෙන ඔහේ ඉදිරියට ඇවිදගෙන යනවා. ඒ අතරේ ජෙහාන් ඇවිල්ලා අලුත් අදර කතාවකට සෙට් වෙන්න උත්සහයක් දෙනවා. ජෙහාන් කියන්න යන අලුත් අදර කතාවේ අලුත් දෙයක් පෙන තෙක් මානයක නැහැ කියල මට තේරෙන්න සුළු මොහොතක් ගත උනේ. ඒ අලුත් ආදරය ජෙහාන් ඉස්සරහ අඬගෙන ජෙහාන් දිහා බලාගෙන ඉන්නවා.

ගුරුගීතය ගැන ලියපු උන් හොයාගන්න හරි අමාරුයි. මොකද බලපු උන් අඩු නිසා.. එක නිසා මට අයෙත් දිසගේ හැල්ලක් එක්ක පැටලෙන්න වෙන්නේ... දිසා මෙහෙම කියනවා

"(ගුරුගිතය)හැම කෙනෙකුම නැරඹිය යුතුයැයි මා හිතන විශිෂ්ඨ ගණයේ නිර්මාණයක්.විප්ලව වාදියෙකුගේ ආද්යාත්මය දුයිෂෙන් තුලින් අපුරුවට ප්‍රති නිර්මාණය කෙරෙනවා.සැබෑ විප්ලවවාදියෙකු තුල ප්‍රධාන ලක්ෂණ තුනක් දකින්න පුළුවන් (1)පවතින සමාජ ක්‍රමය වෙනස්කිරීම වෙනුවෙන් (ජනතාවගේ විමුක්තිය වෙනුවෙන්)ඇති තරම් කැපකිරීම් කරන්න (අවශ්‍ය නම් ජීවිතය වුවද කැපකරන්න)සුදානම් පුද්ගලයෙක් වීම.(2)ඊට සුදුසු දැනුමක් එනම් නව සමාජයක් ගොඩනැගීමට අවැසි දැනුමෙන් සන්නද්ධ පුද්ගලයෙකු වීම (3) ඊට සුදුසු විනයක්(විප්ලවයට අවශ්‍ය විප්ලවීය විනය) සහිත පුද්ගලයකු වීම.මේ ගුණාංග දුයිෂෙන් තුල තිබෙනවා.ඔහු ඇත්තටම අල්තීනට ආදරයකලා.එහෙත් ඔහුගේ පුද්ගලික කැමැත්තට,පුද්ගලික ආශාවට,පුද්ගලික හැඟීමට කිසිදු ඉඩක් නොදී පොදු උවමනාව වෙනුවෙන් නොසැලී දිගටම පෙනී සිටියා"
-දිසා-

මේ කාරණය අභියෝගාත්මකයි. දිසා කියන දේ ගැන මම ගොඩක් හිතුව. දිසගේ කථාවෙයි උපාලිගේ ෆිල්ම් එකෙ ඉන්න ලාංකීය පසුගාමී විප්ලවාදියයි අතරේ ලොකු වෙනසක් මට පෙන්න නැහැ. දිසා කියනව විප්ලවවාදියෙකු තුල ප්‍රධාන ලක්ෂණ තුනක් දකින්න පුළුවන් ඒ කරුණු 3 ටම එක පොදු වචනයකින් පැහැදිලි කරනවානම් ඒ කියන්නේ සුබ්ජෙක්ටිව් එන්රෝල්මෙන්ට් එක, එක සරලව තේරුම් ගන්න පුළුවන්, ඒ ලාංකීය පසුගාමී විප්ලවදියගේ ආත්මය. ලංකාවේදී විප්ලවවාදියෙක් වෙන්න තියෙන එකම සුදුසු කම එක.  එක තමයි මිම්ම වෙන්නේ.

ඒ වගේ විප්ලවාදියෙක් පොලිටිකල් වීම ඇතුලෙ වෙන්න පුළුවන් නරකම දේ තමයි තමන්ගෙ පුද්ගලික තීරණ වලට එකගව වැඩ කිරීම. වාස්තවික යථාර්තය, සමාජ දේශපාලන තත්ව එක්ක තාර්කික ගැටුමක් ඇතිකරගෙන ඒ අදාල කරන වාස්තවික කන්ඩිෂන් එක පොසිෂන් වෙන තැන වෙනස් කරන්න එක. ඔය දිසා කියන කරන තුනෙන් කරන්න බැහැ.  එතැනදී වෙන්න පුළුවන් එකම කරණය පසුගමිත්වයත් එක්ක දුපත් ලක්ෂනත් එකතුවෙලා, ඒ විප්ලවදියා කල්ට් එකකවගේ තැනක පොසිෂන් වීමක්.  මේක සරලව දුයිෂෙන් ගෙන් තේරුම් ගන්න පුළුවන්.  දුයිෂෙන් ඒ පිටිසර ගමට යනවිට දුයිෂෙන් ට තියෙන එකම ආසාව උගන්වන්න. දුයිශේන්ට කිසි ඒ සමාජය ගැන, ඒ මිනිස්සු මොනවගේ කන්ඩිෂන් එකකද ඉන්නේ, ඒ මිනිසුන්ගේ කැපාසිටි එක මොනවගේද කියාදෙ ගැන තාර්කික ගැටුමක් නැහැ. එකෙන් වෙන්නේ අදුරේ දේවල් ඇත පත ගෑමක්..



බ්රූස්ලි කියන කතාවක්,
"ඉතිහාසය පුරාවටම සටන් කල එත්  අපිට දකින්න තියෙන්නෙ අනුකරණය සහ අනුව යාම කියන කාරණය විතරයි මේක ගුරුවරුන්ට වගේම ගෝලයන්ටත් පොදුයි"

මට හිතෙන්නේ මේ කතාව අපේ විප්ලවවදින්ටත් හොදටම සෙට් වෙනවා. අවරුදු 92 පරණ දුයිෂෙන් වගේ මිනිහෙක් නෙවි අපිට ඕන. අපිට ඕන එයිට වැඩ දියුණු මිනිසෙක්.  එයිට වැඩ දියුණු විප්ලවවාදියෙක්.

සෝවියට් සමුහාණ්ඩු කලේ Konchalovsky ගුරුගිතය පොතෙන් හදපු ෆිල්ම් එකක් යුටුබ් එකේ තිබිල හම්බ උනා. වියෙන ෆිල්ම් ෆෙස්ටිවල් එකේදී මේ ෆිල්ම් එකට 1 ප්‍රයිස් එක හම්බ උන අවුරුදු 10 විතර කලින් මගේ මතකේ හැටියට. ගොඩක් දෙන කියන්නේ Konchalovsky අටිස්ටික් ෆ්රිඩම් එක ඒ කලේ නොතිබුන නිසා රියලිස්ටික් ගොඩක් අඩුයි කියල. එක එහෙම වෙන්න හේතුව සෝවියට් කලේ සෙන්ස්සශිප් එක ගොඩක් දරුණු නිසා.මොන උනත් එකහමාරක් වෙන් කරගෙන මේ ලින්ක් එකේ ෆිල්ම් එකත් බලන්න.. එතකොට පසුගමිත්වය කියන කෑල්ල සෙට් වේවි..

https://www.youtube.com/playlist?list=PL614192A99F2BDFCF

මම කියන්නේ අපි අයෙත් අලුතෙන් හිතන්න පටන් ගමු.. අවුල තියෙන්නේ හිතන තැන

-No More මාක්ස්-

21 comments:

  1. මගෙත් අදහස මෙයයි. මගේ පොත එළිය දැම්මට පස්සේ මේ චිත්‍රපටිය ගැන ලියනවා. මගේ ඇත්තෙත් මේ අදහසම යි.

    ReplyDelete
    Replies
    1. මෙතන මම ලියා ඇත්තේ චිත්රපටිය් ගැන මා සිතන ආකාරය මිස දිසා ගැන නොවේ. දිසා මෙහිදී වල්ගේ පාගා ගෙන පෝස්ට් පිට පෝස්ට් දමයි. :)

      Delete
  2. Replies
    1. ඔබ මා යයි සිතා කෝනා දිසා නමැති මගේ මිතුර දිග සංවාදයක් ෆේස්බුක් එකේ සිටිමින් මට උත්තර ලියමින් සිටි. ඔබ ෆේස්බුක් එකේ සිටි නම් ඔහුට උත්තර දෙන්න.

      Delete
  3. නෙලුම්යායෙන් ලැබුණු මගපෙන්වීමක් ඔස්සේ මෙහි ආවා. ඔබේ ලිපියේ හොඳ අදහස් තියනවා. ඇත්තෙන්ම මේ වගේ මාතෘකා ඉතා පුළුල් ලෙස, ගැඹුරින්, මුහුණට මුහුණ ලා, සංවාදයේ යෙදිය යුතුයි.

    ලිපිය කියවීමේදී මා අපහසුතාවයට පත්වුනා ඔබේ සිංහල යෙදීම්වල දුර්වලත්වය නිසා. සිංහලෙන් බ්ලොග් ලියන සමහර අය ඉතා බරපතල ලෙස සිංහල භාශාවවරදවා ලියනවා. එය පෙන්වා දුන්නාම කෝපයට පත්ව බනිනවා. නමුත් ඉංග්‍රීසි ලියන්නේ නම් බොහොම සැලකිල්ලෙන්. තවත් සමහරු කියනවා මම සිංහල ටයිප් කරන්න දනී නැහැ කියා. මම එවැනි අයගෙන් අහන්නේ දන්නේ නැත්නම් ඇයි බ්ලොග් ලියන්නේ? පළමුව දැනගෙන දෙවනුව ලියන්න.

    දනවාදය, පෙලබවෙනවා, පිලිඹද, දයලේක්කිත්යේ, යනු උදාහරණ කීපයක් පමණයි. තවත් වැරදි බොහොමයි.

    එමෙන්ම ඔබ ඉංග්‍රීසි වචන සිංහලෙන් ලිවීමේදීත් වැරදි සිදුවී තිබෙනවා. මෙන්න උදාහරණ; ඔවෙර් රෝල්, අන්බැලන්ස් මුසික්, සුබ්ජෙක්ටිව්, මෙහෙම වුනේ ඕන සිංහල යුනිකෝඩ් අකුරු සඳහා මුල් ඉංග්‍රීසි වචනය ටයුඉප් කිරීමෙන්. ඕවර් කියා ලියන්න නම් ටයිප් කලයුත්තේ owar යනුවෙනුයි. miyusik = miyusik, sabjektiw = සබ්ජෙක්ටිව් මා හිතනවා මීට වඩා පහසුයි ඊට අදාළ සිංහල වචනයම ලියනවානම්.

    ඔබට මා මෙසේ කියන්නේ, සිනමා විෂයය පිලිබන්දවොබ තුළ හොඳ අදහස් තිබෙන බව පෙනෙන නිසයි. මා කැමතියි ඔබ සමග සංවාදයේ යෙදෙන්නට.

    කතාකරන භාෂාවෙන් ලිවීමේ වරදක් නැහැ. නමුත් මූලික භාෂා වැරදි සහ අඩුපාඩු මගහරවාගෙන ලිවීමෙන්, කියවන්නාගේ අවධානය තවත් වැඩිකරගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී. මගේ වැරදි පෙන්වා දුන්නාට. මම ඉදිරි ලිපි වලදී උත්සහා කරන්නම් සිංහල යෙදීම්වල දුර්වලත්වය මග හැරව ගන්න. මම දර්ශනය/දේශපාලනය අද්‍යනය කරේ ඉංග්‍රීසි මාද්‍යයෙන් නිසා. හරිම අපහසුයි නිවැරදි වචනය තේරුම සමග නිවැරදි තැන ස්ථාන ගත කරන්න..

      Delete
  4. this is what he is writing apparently thinking I am you:
    කොළඹ ගමයට පසුගාමී පිළිතුරක් (දෙවන කොටස )
    සිද්ධාන්ත කියලා කියන්නේ මහත්තයෝ!සිදුවී අවසන්වූ දේවල්. අන්තයටම සිදුවූ දේවල්.දුයිෂෙන් අවුරුදු 92ක් පරනවුවද,ඔහුගේ දෘඩ මානුෂියජීව ගුණය පැරණි වෙනවද?වහල් යුගයේ ස්පාටකස්ගේ ශ්‍රේෂ්ඨත්වය යල් පනිනවද? සොබා දහමේ අපුරුතම නිමවුමක් වූ මාක්ස් -එංගල්ස් -ලෙනින් තුල පවතීන අසාමාන්‍ය මානුෂිය ගුණ ධර්ම, අධිෂ්ඨානය හා කැපවීම පිලිඹද පරමාදර්ශයන් පරණ වෙනවද ?යල් පනිනවද ?විප්ලවවාදීන් තුල පවතින ගුණාංග ලෙස මා සඳහන්කළ කරුණු පිළිඹදව ඔබේ ප්‍රතිචාරය සිනහ උපදවන සුළුය (ඒ සියල්ල යළි සඳහන් කිරීමට කාලයක් නොමැත)තමන්ට කියා කිසිවක් අපේක්ෂා නොකර,තමන් සතුව ඇති උතුම්ම වස්තුව වූ ජීවිතය පවා ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් පුජාකළ දසදහස් සංක්යාත උත්තම මිනිසුන් ගේ ජිවන භාවිතාව තුල මා සජීවීව,දැහින් දුටු අත්දැකීමක් විප්ලවීය ගුණාංග ලෙස සඳහන්කළා මිස ඒවා හිතළු නොවේ.අජිත් සොයුර!ඔබ පිටුදකින දුයිෂෙන් ගේ පරිත්‍යාගශීලි ආදර්ශමත් ජිවන විලාශයද සහිත 21 වැනි සියවසට ඔබින නව මිනිසාගේ වුවමනාව මාක්ස් වාදීන් වශයෙන්අප කිසිවිටෙකත් ප්‍රතික්ෂේප කරන්නේ නැත.මක්නිසාදයත්,මාක්ස්වාදය වෙනස්වීම තම සාරය ලෙස දකින දර්ශනයක් වන බැවිනි.
    ඔබේ බ්ලොග්එකේ no more මාක්ස් යනුවෙන් තිබු සඳහන ගැනද යමක් කිවයුතුය.ඒ ඔබේ දැනගැනීම සඳහා නොව හුදීජනයාගේ අවබෝධය පිණිසය. 21වැනි සයවසේ ලෝකය වෙනස්කිරීමට වෙර දරන කිසිවෙකුටත් මාක්ස් අතහැර,මාක්ස් මඟහැර යා නොහැකිය.මාක්ස්වාදය වනාහි යන්නේ කොහෙද?යන්නේ කොහොමද?යන්නේ කුමකටද යන්න මැනවින් පහදාදෙන දර්ශනයකි.මාක්ස් වාදයේ මූලික අරමුණ වන්නේ ධනවාදයෙන් මිනිසාව බේරාගෙන මිනිසාට වඩා යහපත් නිරෝගිමත් ජිවිතයක් සහ පරිසරයක් නිර්මාණය කර දීමයි.මාක්ස් වාදය හැමදාම සටන් කෙළේද, මතුවට සටන් කරන්නේද මිනිස් වර්ගයාගේ ජිවන ගැටළු සහ පරිසර ගැටළු පිළිඹඳවයි.ඉතිහාසයේ එක්තරා අවදියක ධනවාදය විසින් සිදුකල සමාජ මෙහෙවර අතිවිශාලය.එහෙත් අද එය සමාජ ප්‍රගතියට මහත් බාධාවකි.පිළිලයකි.එය මිනිසුන් දුකට පත්කරයි.ලාභය සඳහා සියලු යහගුණ මරාදමයි.පරිෂරය කෙළෙසයි.එනිසා මිනිස් වර්ගයා ඉදිරියේ දැන් ඇත්තේ තෝරාගැනීම් දෙකකි.එක්කෝ සමාජවාදය එසේ නොමැතිනම් ම්ලේච්චත්වයට පල්ලම්බැස අනතුරුව වඳවීයාමයි. තවද දේශපාලන,ආර්ථික හා සමාජමය වශයෙන් සියදිවි නසාගනිමින් සිටින ශ්‍රී ලංකාවේ උද්ගත වෙමින් තිබෙන අවාසනාවන්ත ඉරණමින් රටත් ජනතාවත් මුදාගත හැක්කේ මාක්ස්වාදී මුල්කරගත් සහ ඒ පසට ගැලපෙන වැඩපිළිවෙලක් භාවිතාවට නැඟීමෙන් පමණි (දිසා 27/05/16)

    ReplyDelete
    Replies
    1. අජියෝ බොටත් වෙන වැඩ......

      Delete
    2. ha ha දිසාට කොමෙන්ට් කීපයක් කීපයක් දැම්මා. මම හිතුවේ මේ සරද කියල

      Delete
  5. කොළඹ ගමයට පසුගාමී පිළිතුරක් (පළමු කොටස )
    උපාලි ගම්ලත්ගේ ගුරුගීතය පිළිඹදව මුහුණු පොතේ මා දක්වා තිබු අදහස් කිහිපයක් පදනම් කොටගෙන මා මිත්‍ර අජිත් ධර්ම කිර්ති විසින් 'කොළඹ ගමයා 'නමැති ඔහුගේ බ්ලොග් එකේ දිග යාන්හෑල්ලක් ලියා තිබෙනු දුටුවෙමි.තමන්ගේ කෙස්වලින් අල්ලා තමන්ම උඩට ඔසවා ගැනීමක් බඳු එකී ලියවිල්ලට කාලවෙලාවේ හැටියට කෙටි පිළිතුරක් ලබාදීම සඳහා දැරෙන උත්සාහයකි මේ. අජිත් සිය ලිපිය පුරාම ඒකාකාරී වචන හරඹයක් සිදුකරනවා මිස අලුත් අදහසක් ඉදිරිපත්නොකරයි.එහි අඩංගුව සැකෙවින් මෙසේය.
    'මට වෙස්ට් ෆිල්ම් මිස ලංකාවේ ෆිල්ම් දිරවන්නේ නැහැ.ඒ අතින් සිංහල සිනමාව ෆේල්.ගම්ලත්ගේ සිනමා නිර්මාණය හරිම පසුගාමි මෙන්ම අසාර්ථකයි.අපේ අයගේ සිතීමේ කලාවේ මාර අඩුවක් තිබෙනවා.ගුරුගීතය ගැන දිසා ඉදිරිපත්කොට තිබෙන්නේ දියාරු සමාජ සංස්කෘතික ප්‍රතිචාරයක්.(එහෙම කියන ගමන්)ගුරුගීතයෙන් උපාලි කරන්න හදන්නේ සමාජ දේශපාලන වැඩක් (ඒක ඇත්ත )දිසාට අනුව ඒක මානවවාදීයි.කොච්චර උත්සාහ කළත් අපේ අයට ලංකාවෙන් ගැලවෙලා යමක් කරන්න අමාරුයි.දිසා කියන විප්ලවාදී ලක්ෂණ යමෙකු තුල තිබුණොත් හරි භයානකයි.ඔහු පුද්ගලික තීරණ අනුව වැඩ කරාවි.(මාර සොයාගැනීමක්)වසර 92ක් පරණ දුයිෂෙන් අපට වැඩක් නැහැ.අපිට ඕන දියුණු මිනිසෙක්. අන්තිමට කියනවා ,අපි ආයෙත් හිතන්න පටන්ගනිමු අවුල තියෙන්නේඑතැන කියලා. අවසානේ no more මාක්ස් කියලත් තිබෙනවා.මේ ලිපිය කියවද්දී එක්වරම මගේ මතකයට නැගුනේ ට්‍රොස්කි පිළිඹඳව ලෙනින් කළ ප්‍රකාශයකි.'දිලිසෙන සියල්ල රත්තරන් නොවේ.ට්‍රොස්කි ගේ වදන් බොහෝ දිලිසෙන ශබ්ධ සහිත නමුත් අර්ථ විරහිතය.
    අබ්යාවකාශ විද්‍යාව, තාරකා විද්‍යාව ගැන හොඳින් දන්න මා මිත්‍ර අජිත් දේශපාලන විෂයේ දී නුල්බෝලයක්සේ පොට පටලවා.ගැනී(ඉකුත් ජනාධිපති වරණයේ දී සිරිසේනට සහය නොදීම ගැන එදා පෙරටුගාමීන්ට එලව එලවා පහර දුන්නේය) තමන්ගේ මනසතුල හටගන්නා සිතුවිලි සියල්ල යථාර්ථයේ පිළිඹිඹුවක්සේ දකින අජිත් ඒ සිතුවිලි වලින් ඇස ගැටෙන හැමදේටම හිතුවක්කාරී ලෙස දමාගසයි.එනිසා ඔහු යෝජනා කරන අලුතින් සිතීමේ ක්‍රියාවලිය පටන්ගත යුත්තේද ඔහුගෙන්ම බව මගේ අවංක හැඟීමයි.
    උපාලි ගේ ගුරුගීතය මාර සවුත්තුයි කියන ගමන්,ගුරුගීතයෙන් උපාලි උත්සහ කරන්නේ සමාජ දේසපාලන වැඩක්.ඒත්.දිසාට අනුව එය මානවවාදී යැයි කෝචොක් කරයි.කින්ඩියට කිවුවත් අජිත්ගේ ලියමනේඇති වැදගත්ම වාක්‍ය එයයි. සත්තකින්ම ගුරුගීතය හරහා උපාලි කරන්නේ සමාජ දේශපාලන මෙහෙවරකි .හත්වලාමේ ඒ නිසානේ අපි එය අගය කලයුත්තේ.සිනමාව කලාවක් වශයෙන් නොව කර්මාන්තයක් වශයෙන් පවතින යුගයක උපාලි කරන්නේ උඩුගම්බලා පිහිනීමකි.(සිනමාව ගැන කියන්න නොදන්න නිසා එහි දේශපාලනඅගය ඉහලට එසවීමට මා උත්සහ දැරුවේ ඒ නිසයි) ජනප්‍රියවාදී රැළි නංවමින් වැඩිහිටියන්ට පමණයි යන ලේබලය යටතේ කුණුරස බෙදාහරින ෆිල්ම් එකක් කරලා මල්ල පුරවාගන්නවා වෙනුවට සමාජ උන්නතිය පතා ගම්ලත් විසින් සද්භාවයෙන් දැනුවත්ව සිදුකළ කැපවීම හා මෙහෙවර අපි අගයකල යුතු නැද්ද ?එය ඉහලට එසවියයුතු නැද්ද ?ඔහු දිරිමත් කළයුතු නැද්ද?

    ReplyDelete
  6. https://www.facebook.com/kona.dissa

    ReplyDelete
    Replies
    1. අජිත් මම reply කරා man ට. මගේ අතින් මොනවහරි වැරද්දක් උනානම් සමාවෙන්න..

      Delete
    2. කිසි අවුලක් නැහැ. ඔයාගේ අතින් වැරැද්දක් වෙලා නැහැ. දිසා පටලවා ගත්තට. කොහොමත් මමත් ලියන්න ඉන්නේ මේ චිත්‍රපටිය ගැන. දිසා ගැන ලියන් නම් කොහෙත්ම හිතුවේ නැහැ. මම කිවේ ඔය ලියල තියන අදහස් මම හිතපු මුලික දේට එකඟයි චිත්‍රපටිය ගැන. මොකද ඒකෙ සෑහෙන ශෝකාලාප යක් තියෙන්නේ.
      හෙට අපේ වැඩක් තියනවා . ලන්ඩන් නම් ඉන්නේ එන්න.
      සරෝජ් පතිරණ - "ද්‍රෝහියාගේ දියණිය සමග "
      විජිත ගුණරත්න - පොල්කට්ටෙන් එපිටට ගමනක්

      අජිත් ධර්මකීර්ති - කොළඹ ගමයා සමග පොල්කට්ට

      විජිත ගුණරත්නයන් ගේ "වලා පටල "

      සංවාදය හා චිත්‍රපටිය

      මැයි 28 වනදා විට් ශීෆ් ශාලාවේදී සවස ප.ව. 5.00 සිට ප.ව. 9.00 දක්වා

      WHEATSHEAF HALL
      Main Avenue (by A10 Dual Carriageway)
      Enfield
      EN1 1DS
      Nearest Station Bush Hill park, From Enfield Town Station bus number 121, 307
      අජිත් - 077985 245418 සරෝජ් - 07803 727516
      https://kolambagamaya.blogspot.co.uk/2016/05/blog-post.html

      Delete
  7. මම ඔබේ මේ සටහන කියෙව්වා. ෆිල්ම් එක බලපු නැති නිසා මුකුත් කියන්න බැහැ. පොදුවේ සිංහල සිනමාව (සිංහල කියලා කිවේ දෙමලෙන් ෆිල්ම්ස් නොකෙරෙන සයිස් නිසා ) එක තැනක නැවති ඇති බවක් හිතෙනවා යම් යම් දේ කියවීමෙන්. චිත්‍රපටයක් නැරඹීමට තියෙන ඉඩ ඉතා සීමිත නිසා චිත්‍රපට කියවන්න තමයි වෙලා තියෙන්නේ. ඔබ චිත්‍රපටයේ සංගීතය සම්බන්ධව දැඩි අවධානයක් දක්වනවා සේ මගේ ෆෝකස් එක වෙන්නේ මූලිකවම රඟපෑම පිලිබඳව. ගුරුගීතය හී රඟපෑම් සම්බන්ධව යමක් ලියන්න හැකිනම්.

    චිත්‍රපටයක් තුලින් දේශපාලන විග්‍රහයකට යෑම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාගේ භූමිකාව පසෙකලා වෙනත් මානයකට යාමක් කියා මට සිතෙන්නේ. අන්තිමට වෙන්නේ ෆිල්ම් එක ඇතුලේ දේශපාලනය විතරයි කතාකරලා තියෙන්නේ, ෆිල්ම් එක ගැන කතා කරලම නැහැ. මේ ඔබට කීවා නොවේ. සමහර වෙලාවට කියවන්න වෙන්නේ ඒ වගේ දේවල්.

    ReplyDelete
  8. දුයිෂෙන් හනික එන්න මාක්ස් ගේ පොත් ටිකත් අරන් දිසා facebook එකේ වලියක් දාගෙන..

    "කොළඹ ගමයට පසුගාමී පිළිතුරක්" යනුවෙන් දිසා පොස්ට් කිහිපයක් මුහුණු පොතේ දමා තිබියදී දැක්කා. මේකට කිසි දෙයක් නොලිය ඉන්න හදල අයෙත් හිතුව. එකට දේශපාලනය කරන අයට වලි දාගන්න ඇයි මම සපෝර්ට් කරන්නේ. අපේ අදහස් වල සීමා,මායිම්, පරතරයන් තියෙන්න පුළුවන් එත් අපි උත්සහා කරන්න ඕන අපි අපිම වලි දාගන්නවට වඩා අපි ඔක්කොම එකතුවෙලා ධනවාදයට එරෙහි ෆයිට් එකක් දෙන්න.

    දිසාගේ මාතෘකාව වෙන්නේ,"කොළඹ ගමයට පසුගාමී පිළිතුරක්" කථාව නම් ඇත්ත දිසගේ මුළු ලිපියම පට්ට පසුගාමී

    දිසා පටන්ගන්නවා මෙහෙම "උපාලි ගම්ලත්ගේ ගුරුගීතය පිළිඹදව මුහුණු පොතේ මා දක්වා තිබු අදහස් කිහිපයක් පදනම් කොටගෙන මා මිත්‍ර අජිත් ධර්ම කිර්ති විසින් 'කොළඹ ගමයා 'නමැති ඔහුගේ බ්ලොග් එකේ දිග යාන්හෑල්ලක් ලියා තිබෙනු දුටුවෙමි"

    මා ලිපියේ පැහැදිලි කරා වාගෙ අපේ හිතන තැන අවුල තියෙන්නේ. දිසගේ දැක්මේත් අවුලක් තියෙනවා..
    අජිත් සහ No More මාක්ස් අතර කිසි සම්බන්දයක් නැහැ. මම අජිත් දැකලවත් නැහැ.. facebook එකේ ඇරෙන්න. මම දන්නේ නැහැ ඔබ දේපල අතර තියෙන ප්‍රශ්න. No More මාක්ස් මැදි කරගන්න එපා ඔබ දෙදෙනා අතරට. මට දිසට කියන්න තියෙන්නේ අයෙත් අලුතෙන් හිතන්න.. අවුල තියෙන්නේ හිතන තැන.

    ඔබ කියනන්ව "තමන්ගේ කෙස්වලින් අල්ලා තමන්ම උඩට ඔසවා ගැනීමක්"
    ඔබ මෙය උත්සහ කර බැලුවනම්. ඔබට ඔබගේ හිතන තැන සහ ඔබේ දැක්ම වෙනස් කරගන්න පුළුවන් වේවි.

    ඔබ කියන්නව "ගුරුගීතය ගැන දිසා ඉදිරිපත්කොට තිබෙන්නේ දියාරු සමාජ සංස්කෘතික ප්‍රතිචාරයක්.(එහෙම කියන ගමන්)ගුරුගීතයෙන් උපාලි කරන්න හදන්නේ සමාජ දේශපාලන වැඩක් (ඒක ඇත්ත )දිසාට අනුව ඒක මානවවාදීයි"

    මම ලිව්වේ මෙහෙම "දියාරු සමාජ-සංකෘතික-දේශපාලන ප්‍රතිචාරයක්" (ඔබ එක වරද්දල ලියලා සහ වැරදියට තේරුම් අරගෙන) ඒ කියන්නේ ඔබේ ප්‍රතිචාරය මම කන්සෙප්ට් කරගන්නේ මේ කන්සෙප්ට් 3 නෙන්. එකයි මම කියන්නේ ඔබගේ අදහස දියරුයි කියල කිව්වේ. අනික සමාජ-සංකෘතික-දේශපාලන සහ සමාජ දේශපාලනය කියන්නේ දෙකක්. ඔබ ඒ ගැන දන්නේ නැත්නම් මාක්ස්වාදය ගැන කතාකරන්න කලින් දේශපාලන විද්‍යාවේ මුලධර්ම කියල පුංචි පොතක් තියෙනවා එක කියවන්න. මාක්ස්වාදය සීරියස් මේ දේවල් එක්ක බලනකොට.මාක්ස්වාදයේ කතාකරන්නේ ගොඩක් ලොකු කන්සෙප්ට්..

    ඔබ කියනවා "දිසා කියන විප්ලවාදී ලක්ෂණ යමෙකු තුල තිබුණොත් හරි භයානකයි.ඔහු පුද්ගලික තීරණ අනුව වැඩ කරාවි.(මාර සොයාගැනීමක්)වසර 92ක් පරණ දුයිෂෙන් අපට වැඩක් නැහැ.අපිට ඕන දියුණු මිනිසෙක්. අන්තිමට කියනවා ,අපි ආයෙත් හිතන්න පටන්ගනිමු අවුල තියෙන්නේඑතැන කියලා.

    ඔබට කියන්න තියෙන්නේ මම ලියපු ලිපිය අඩුම තරමේ දහා වතාවක් කියවල එන්න අපි සංවාද කරමු. මට යුද්ධයක් එපා මට ඕන සංවාදයක්..

    ඔබ කියනන්වා "අවසානේ no more මාක්ස් කියලත් තිබෙනවා.මේ ලිපිය කියවද්දී එක්වරම මගේ මතකයට නැගුනේ ට්‍රොස්කි පිළිඹඳව ලෙනින් කළ ප්‍රකාශයකි.'දිලිසෙන සියල්ල රත්තරන් නොවේ.ට්‍රොස්කි ගේ වදන් බොහෝ දිලිසෙන ශබ්ධ සහිත නමුත් අර්ථ විරහිතය."

    දෙයක් කියද්දී එකත් එක්ක සම්බන්දවෙන්න ෆොමල් ලෝජික් එකක් සහ කන්ට්‍රඩික්ෂන් එකක් තියෙනවා. ලෙනින් කිව්වා කියල ඔයාට ඕන විදියට කියන්න බැහැ. ලෙනින් ගොඩක් පොලේමිකල්. ඒ කියන්නේ ලෙනින් දෙයක් කියන්නේ ඒ කියන දේට එයිතිහාසික සහ දයලේක්කිත බසුබිමක් ඇතුලේ. මහත්තයෝ මේ අපි කතාකරන්නේ ෆිලොසොෆි කොමොන් සෙන්ස් එකෙන් ෆිලොසොෆි තේරුම් ගන්න බැහැ. ලෙනින් ඔය ගැන කියන්නේ මට මතකේ හැටියට collected works vol 20 P(325-350) ඔය ස්ටෝරි එක තියෙන්නේ, ඔයාට මේක කියවද්දී තේරෙයි මොකක්ද වෙනස කියාලා.

    ඔබ කියනවා "අබ්යාවකාශ විද්‍යාව, තාරකා විද්‍යාව ගැන හොඳින් දන්න මා මිත්‍ර අජිත් දේශපාලන විෂයේ දී නුල්බෝලයක්සේ පොට පටලවා.ගැනී(ඉකුත් ජනාධිපති වරණයේ දී සිරිසේනට සහය නොදීම ගැන එදා පෙරටුගාමීන්ට එලව එලවා පහර දුන්නේය) තමන්ගේ මනසතුල හටගන්නා සිතුවිලි සියල්ල යථාර්ථයේ පිළිඹිඹුවක්සේ දකින අජිත් ඒ සිතුවිලි වලින් ඇස ගැටෙන හැමදේටම හිතුවක්කාරී ලෙස දමාගසයි.එනිසා ඔහු යෝජනා කරන අලුතින් සිතීමේ ක්‍රියාවලිය පටන්ගත යුත්තේද ඔහුගෙන්ම බව මගේ අවංක හැඟීමයි."

    ඔබ ඊළගට අබ්යාවකාශ විද්‍යාව ගැන කතාකරනවා මම දන්නේ නැහැ අබ්යාවකාශ විද්‍යාව, තාරක විද්‍යාව ගැන. මම thesis එකක් ලියනවා මාක්ස්වාදය ගැන ඒ වලින් ඕන දෙයක් අහන්න.. තාරක විද්‍යාව ගැන අජිත් එක්ක බෙර ගන්න.
    ඔබෙයී ,අජිත්ගෙයි ,පෙරටුගමීන්ගේ කෙස් මම දන්නේ නැහැ. මට ඒවා වැඩක් නැහැ..

    ReplyDelete
    Replies
    1. මම දන්නෙත් නැහැ ඊයේ වෙනකන්. :) මගේ දේශපාලනය වෙනස් එකක්. ඒක දිසා ගේ දේශපාලනය නම් නොවේ. දිසා මගේ යහළුවෙකි. මා තාරකා විද්‍යාව පිළිබඳව දේශන එකක් දෙකක් කර තිබේ. එය මගේ විනොදාන්ශයකි.

      Delete
  9. දුයිෂෙන් හනික එන්න මාක්ස් ගේ පොත් ටිකත් අරන් දිසා facebook එකේ වලියක් දාගෙන.. 02

    ඔබ කියනන්ව "සිද්ධාන්ත කියලා කියන්නේ මහත්තයෝ!සිදුවී අවසන්වූ දේවල්. අන්තයටම සිදුවූ දේවල්"..
    මම දන්නේ නැහැ ඔබ කොහෙන්ද ඔබ මේවා ඉගෙන ගත්තේ කියල ඒ පොතක නමක් එවන්න හොයල බලන්න..

    ඔබ කියනවා.. දුයිෂෙන් අවුරුදු 92ක් පරනවුවද,ඔහුගේ දෘඩ මානුෂියජීව ගුණය පැරණි වෙනවද?වහල් යුගයේ ස්පාටකස්ගේ ශ්‍රේෂ්ඨත්වය යල් පනිනවද?

    දුයිෂෙන් ගේ සිදුවීමයි, ස්පාටකස්ගේ සිදුවීමයි.. ඕනෑම හිස්ටෝරිකල් ඉවෙන්ට් එකක් තේරුම් ගන්න ක්‍රම තියෙනවා ඒ ෆැක්ටර්ස් වලින්. ඒ කියන්නේ හෙගේල්ගෙන්.. මේ සිදුවීම් දෙක දෙකක්. කන්ඩිෂන් දෙකක්.

    "සොබා දහමේ අපුරුතම නිමවුමක් වූ මාක්ස් -එංගල්ස් -ලෙනින් තුල පවතීන අසාමාන්‍ය මානුෂිය ගුණ ධර්ම, අධිෂ්ඨානය හා කැපවීම පිලිඹද පරමාදර්ශයන් පරණ වෙනවද ?යල් පනිනවද ?විප්ලවවාදීන් තුල පවතින ගුණාංග ලෙස මා සඳහන්කළ කරුණු පිළිඹදව ඔබේ ප්‍රතිචාරය සිනහ උපදවන සුළුය (ඒ සියල්ල යළි සඳහන් කිරීමට කාලයක් නොමැත)තමන්ට කියා කිසිවක් අපේක්ෂා නොකර,තමන් සතුව ඇති උතුම්ම වස්තුව වූ ජීවිතය පවා ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් පුජාකළ දසදහස් සංක්යාත උත්තම මිනිසුන් ගේ ජිවන භාවිතාව තුල මා සජීවීව,දැහින් දුටු අත්දැකීමක් විප්ලවීය ගුණාංග ලෙස සඳහන්කළා මිස ඒවා හිතළු නොවේ.අජිත් සොයුර!ඔබ පිටුදකින දුයිෂෙන් ගේ පරිත්‍යාගශීලි ආදර්ශමත් ජිවන විලාශයද සහිත 21 වැනි සියවසට ඔබින නව මිනිසාගේ වුවමනාව මාක්ස් වාදීන් වශයෙන්අප කිසිවිටෙකත් ප්‍රතික්ෂේප කරන්නේ නැත.මක්නිසාදයත්,මාක්ස්වාදය වෙනස්වීම තම සාරය ලෙස දකින දර්ශනයක් වන බැවිනි."

    මේක නිකම් ජාතක කතාවක් වගේ පොඩි කලේ බුද්ධදර්මය පොතෙන් ඉගෙන ගන්න.. තව ටික දවසක් ඉවසාලා බලාගෙන හිටියොත් මම ප්‍රවාදය ලියන කොට පැහැදිලි කරන්නම් ඔය ideal.subjective, objective.

    බේ බ්ලොග්එකේ no more මාක්ස් යනුවෙන් තිබු සඳහන ගැනද යමක් කිවයුතුය.ඒ ඔබේ දැනගැනීම සඳහා නොව හුදීජනයාගේ අවබෝධය පිණිසය. 21වැනි සයවසේ ලෝකය වෙනස්කිරීමට වෙර දරන කිසිවෙකුටත් මාක්ස් අතහැර,මාක්ස් මඟහැර යා නොහැකිය.මාක්ස්වාදය වනාහි යන්නේ කොහෙද?යන්නේ කොහොමද?යන්නේ කුමකටද යන්න මැනවින් පහදාදෙන දර්ශනයකි.මාක්ස් වාදයේ මූලික අරමුණ වන්නේ ධනවාදයෙන් මිනිසාව බේරාගෙන මිනිසාට වඩා යහපත් නිරෝගිමත් ජිවිතයක් සහ පරිසරයක් නිර්මාණය කර දීමයි.මාක්ස් වාදය හැමදාම සටන් කෙළේද, මතුවට සටන් කරන්නේද මිනිස් වර්ගයාගේ ජිවන ගැටළු සහ පරිසර ගැටළු පිළිඹඳවයි.ඉතිහාසයේ එක්තරා අවදියක ධනවාදය විසින් සිදුකල සමාජ මෙහෙවර අතිවිශාලය.එහෙත් අද එය සමාජ ප්‍රගතියට මහත් බාධාවකි.පිළිලයකි.එය මිනිසුන් දුකට පත්කරයි.ලාභය සඳහා සියලු යහගුණ මරාදමයි.පරිෂරය කෙළෙසයි.එනිසා මිනිස් වර්ගයා ඉදිරියේ දැන් ඇත්තේ තෝරාගැනීම් දෙකකි.එක්කෝ සමාජවාදය එසේ නොමැතිනම් ම්ලේච්චත්වයට පල්ලම්බැස අනතුරුව වඳවීයාමයි. තවද දේශපාලන,ආර්ථික හා සමාජමය වශයෙන් සියදිවි නසාගනිමින් සිටින ශ්‍රී ලංකාවේ උද්ගත වෙමින් තිබෙන අවාසනාවන්ත ඉරණමින් රටත් ජනතාවත් මුදාගත හැක්කේ මාක්ස්වාදී මුල්කරගත් සහ ඒ පසට ගැලපෙන වැඩපිළිවෙලක් භාවිතාවට නැඟීමෙන් පමණි

    මෙන්න ලින්ක් එක https://www.marxists.org/archive/marx/works/cw/index.htm
    මාක්ස්-එංගල්ස් ගේ collected works 50 vol. කොහෙහරි මාක්ස් හරි එංගල්ස් හරි ලියල තියෙනවනම් ඔබ කියන "යන්නේ කොහෙද?යන්නේ කොහොමද?යන්නේ කුමකටද" මම දේශපාලනයෙනය සහ මගේ අද්යපනයත් නවත්වනවා.

    No More මාක්ස් කියන්නේ මගේ බ්ලොග් එකේ නම.. ඒ මගේ ප්‍රවාදයේ නම..

    -No More මාක්ස්-

    ReplyDelete
  10. පොත කියවා නැත. මූවි එක නම් සති තුනකට පෙර නැරඹූවෙමි.

    ලෝ බජට් නිසා වැඩේ අංජබජල් වී ඇති බවයි මා නම් දුටුවේ.

    ReplyDelete
  11. https://kolambagamaya.blogspot.co.uk/2016/06/blog-post_5.html

    ReplyDelete
  12. මේ බ්ලොගයට මොකද වුනේ

    ReplyDelete